ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එවක ගරු අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් හා ඇමතිවරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්ද පළාත්,කලාප අධ්‍යාපන නිළධාරීන්ගේ හා අවට පාසල් ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් වර්ෂ 1981.07.31 සින අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කරන ලදි.
ආරම්භක විදුහල්පති ලෙස වයි.එම් කරුණාතිලක මහතා කටයුතු කර ඇති අතර ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් දොළොස් දෙනෙකුගේ සේවය ලැබී ඇත. ආරම්භයේදී සිසුන් 207 දෙනෙකු ඇතුලත් වී ඇති අතර සිසුන්ගේ අවශ්‍යතා සඳහා භෞතික සම්පත් සමුදායක් ආරම්භයේදීම ලැබී තිබීම සතුටට කාරණයකි. එසේ ආරම්භ වූ අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ වර්තමානයේදී සිසුන් 2788ක් පමණ අධ්‍යාපනය හදාරන අතර මෙතෙක් සිසුන් 18330කට පමණ අධ්‍යාපනය ලබා දී ඇත.
වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය 106කගේ සහ අනධ්‍යන 05 දෙනෙකුගේ කාර්ය මණ්ඩලය සේවය තුලින් දියුණු වන සියලු විෂය ධාරාවන්ගෙන් යුතු මධ්‍ය විද්‍යාලයක් ලෙස අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලය ප්‍රගතිය කරා පා තබමින් සිටී.