නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාල
![]() |
![]() |
||
| I.M.U. බණ්ඩාර මයා | G.R.K. ගරුසිංහ මයා |
නියෝජ්‍ය විදුහල්පතිගේ පණිවිඩය -G.R.K.ගුරුසිංහ
මහවැලි දිය දහරින් පෝෂණය වන අ/ගල්නෑව මධ්‍ය විද්‍යාලය උතුරුමැද පලාතේ විවිධ දක්ෂතා තුලින් කැපී පෙනෙන විශිෂ්ට විදු බිමකි. සාමාන්‍ය ගොවි ගැමි ජනයාගේ දරු දැරියන්ගේ අනාගතය සලසා දෙන සුවිශේෂී වූ විශාල මෙහෙවරක් සිදුකරනු ලබයි.සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විෂය ධාරාවන්ගෙන් ද විශිෂ්ට ප්‍රතිඵල අත් කර ගෙන ඇත.උසස් පෙල සරසවි පිවිසුම් සදහා වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් උතුරුමැදින් අප පාසල නියෝජනය කරයි.පාසල් ක්‍රීඩා, ශිෂ්‍ය භට ,බාලදක්ෂ හා අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් ජනාධිපති සම්මාන හා පදක්කම් ලබා ගනිමින් උතුරුමැද පළාතට කීර්ති නාමයක් අත් කර ගෙන ඇත. වාර්ෂිකව සෞන්දර්ය අංශයෙන් ද සමස්ත ලංකා ජයග්‍රහණ හිමි කර ගනී. එසේම දහතුන් වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන් තුලින් වෘත්තිය ප්‍රවේශයන්ට පිවිස වෘත්තිකයන් පිරිසක් ද මේ වන විට බිහි කරගෙන ඇත. එයින් විශේෂ මෙහෙවරක් ද පාසල මගින් සිදුකරනු ලබයි. සේවයේ යෙදෙන්නා වූ ගුරු ගුරුභවතුන්ගේ කැපවීම අගය කළ යුතු ගුණාංගයකි. ගල්නෑව විදුමව් දිනෙන් දින ජය මාවත කරා ගමන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

