රජරට මහවැලි සිසු දරුවෝ - ගල්නෑ මැදි විදුහල් මවගේ
විදුනැණ ගුණ සපුරා දෙන අපගේ - නමදිමු අප ජීවය ඔබවේ
රජරට...//
දිවිගණ දුර දුරුකර විදු එළියෙන් - තනවා ඔබ දරුවන්
අප මතු දියුණට මගක් තැනූ ඔබ - සමරමු බැති අදරින්
රජරට...//
දෙස බස රැස ඉදිරිය පතනා ගුරු - දෙගුරුන් සිහි කරමින්
ඔබ මනා ලෙසින් දෙන සිප් සතරින් අප - පෙන්වමු සැම දස්කම්
රජරට...//
මිනිසත් ගුණ දම් රකිමින් නිතියෙන් - අප සැම එක්සත් වී
කරුණා ගුණයෙන් සිත් පුබුදුවමින් - ඔබ හට පතනෙමු ජය ශ්‍රී
ජය ජය ජය ජය ජය ශ්‍රී - ජය ජය ජය ජය ජය ශ්‍රී
ජය ජය ජය ජය ශ්‍රී