විදුහල්පති පණිවිඩය
අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලය

දරුවන්ට අධ්‍යාපනයෙන් තොර සුභවාදී සුන්දර අනාගතයක් නොමැති නිසාම ඉගෙනුමට මුල්තැන ලබා දීම පාසලේ ප්‍රධාන කාර්යය ලෙස සිතමි.මේ සඳහා සමාජගත විධිමත් ආයතනය පාසලයි.මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ යහපත් පුරවැසියෙකු සමාජයට දායාද කිරීමයි.පාසලට මෙම උදාර පරමාර්ථය ජය ගැනීමට නම් එහි පා තබන ශිෂ්‍ය ප්‍රජාවට සැලසුම්ගත අත්දැකීම් දායාද කිරීම අපගේ වගකීමයි.මෙවර ඇති වූ වසංගත තත්වය නිසා අප රටට මෙන්ම ලෝකවාසී සියලු ජනතාවට පසුබැසීමට සිදුවිය.දරුවන්ගේ අධ්‍යාපනය අඩාල විය.මේ උද්ගතව ඇති තත්ත්වය මඟහරවාගෙන අපි අපේ ගමන යා යුතුය.දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට දෙමාපියන්,ආදි ශිෂ්‍යයන්,සුභපතන්නන්,අධ්‍යාපනවේදීන් සහ සමාජ ආයතන ඇතුළු සියලු දෙනාගේ සහය අවශ්‍ය යයි සිතමි.
විදුහල්පති,
අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලය